12 comments on “කවුරුත් දන්න විශ්වය ගැන ඔබ නොදත් දේ…

  1. වටිනා කරුනු ලස්සනට ගලපා තියෙනවා thank’s for post Hubble deep space image ගැන මොකද හිතන් නෙ අලොක වර්ශ බිලියන ගනනක් ඇත තිබෙන අසිමිත චක්‍රවාට සිමාව කොතනද ? තව දෙයක් දැනගන්න ඔනෙ ඔබ තුමා ගෙන් ඇත්තටම අපෙ පෘතුවිය ට වෙනත් ග්‍රහලොක වලින් ජිවින් පැමින තියෙනව ද ? පැහැදිලි සාක්ශි තියෙනවා ද

    • “අසිමිත චක්‍රවාට සිමාව” කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? ඒකෙන් අදහස් කරන්නේ විශ්වයට සීමාවක් තියනවද කියන එක නම්; සරලම පිළිතුර තමයි ; නැහැ, විශ්වයට සීමාවක් නැහැ ඒක අසීමිතයි. ඒත් කැලෑවක සීමාවේ තියෙන්නේ ගහක් වගේ විශ්වයේ සීමාවක් තියනවනම් එහි තියෙන්න ඕනේ තරුවක් කියලා කතාවක් තියනවා.ඒත් දැනට පිළගන්න විදිහට විශ්වයට සීමාවක් නැහැ.

      පිටසක්වල ජීවීන් ගැන කතා කරනකොට නම් මෑත කාලයේ වාර්තා වුණු ප්‍රසිද්ධ රොස්වෙල් සිද්ධිය ඇතුළු ලංකාවේ හා පිටරටවල වාර්තා වුණු බොහෝ සිද්ධීන් නම් බොරු ඒවා කියලයි විශ්වාස කරන්නේ. ඒ වගේ ඒවා ගොඩක් වෙලාවට කරන්නේ තාවකාලික ප්‍රසිද්ධියක් බලාගෙනයි. ඔය පිරමීඩ වල එහෙම තිබිලා හම්බ වුණු ගගනගාමින්ගේ සහ අභ්‍යවකාෂ යානා වල චිත්‍ර ගැන නම් කියන්න දන්නේ නැහැ. අපිට චිත්‍රයකට ඕනෙම විදිහෙ අර්ථකථනයක් දෙන්න පුළුවන්නේ. අනික අපි ඔය ගොඩක් චිත්‍රපටි වල ඉන්න පිටසක්වළ ජීවීන්ගේ අකෘති හදන්නේ අපි ඒ කට්ටිය ඇහින් දැකලා නෙමෙයිනේ.සමහර විට ඔය ඊජිප්තු ජාතිකයන්ගේ හිතේ මැවුනු චිත්‍ර පිරමීඩ වල කොටලා වෙන්න පුළුවන්. හැබැයි සමහර සිද්ධි වාර්තා වෙලා තියෙනවා විද්‍යාත්මකව පැහැදිලි කරන්න බැරි. ඒක නිසා පිටසක්වළ ජීවීන් තවමත් අභිරහසක්.

      අනිත් එක පිටසක්වළ ජීවීන් කියුවම ඒ කට්ටිය කොළ කුරුමිට්ටෝ වෙන්නම ඕනේ නැහැ.ඒ කට්ටිය රූපයෙන් අපිට සමාන වෙන්නත් පුළුවන්. ඒ වගේම ඔවුන් තාක්ෂනයෙන් අපිට වඩා ප්‍රථමික ජීවීන් හෝ බැක්ටීරියාවන් වැනි ප්‍රථමික ජීවින් හෝ අපිට වඩා තාක්ෂනයෙන් උසස් ජීවීන් වෙන්න පුළුවන්. ඒත් කලින් කියුවා වගේ විශ්වය අසීමිත නිසා විශ්වයේ කොහෙ හරි මුල්ලක අර කියුවා වගේ ඕනෑම ජාතියක ජීවීන් ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් තැන් මේ විශ්වයේ මිලියන ගාණක් ඇති.

      බොහොම ස්තූතියි ප්‍රතිචාර වලට!! 🙂

  2. පිලිතුර ට ස්තුති ඔබ තුමාගෙ . අපි වගෙ සිමා වලට කොටුවි ඉන්න අය සිමවක් නැති දෙයක් ගැන සිතිමටත් අපහසුයි . Hubble දුරෙක්ශයෙන් ලබා ගෙන තියෙන අහසෙ පොඩි කොටසක් දවස් ගනනක් නබි ගත කර අලොක වර්ශ බිලියන ගනනක් දුර චක්‍රවට සමුහය විශ්මිතයි !!! විශ්වයෙ සියල්ල නිර්මානය වි ඇත්තෙ (wisdom) every thing made by universal wisdom. “සියල්ල චලනයකට නතුයි’ අලොකයෙ වෙගය අබිබවා මිනිසාට යන්න ට යනාවක් සැදිය නොහැකි ඒහෙත් වෙනත් කුමක් හො ක්‍රමයක් විසදුමක් සොයාගනි . මනුශයා යනු ඒහිම නිර්මනයක් නිසා ස්තුති.

  3. නියම අදහස් ටිකක්…ගොඩක් සිත ඇදගන්න තර්ක තියනවා මෙතන…ආලෝකයේ වේගය ඉක්මවා යන්න බෑ කියන එකට පොඩි මතයක් ඉදිරිපත් කරන්නම්…Big Bang 1 දී සිදුවුණා වූ ප්‍රසාරණය ආලෝකයේ වේගයත් ඉක්මවා යනවා කියලා කියනවා නේ.මම නෙවේ කියන්නේ Theoretical Astronomers ලා තමයි කියන්නේ.එත් එකටත් නොයෙකුත් පැහැදිලි කිරීම් තියනවා…මේ අවස්තාව විතරයි මම අහලා තියෙන්නෙත්.

ඔබේ අදහස් උදහස් ලියලා යන්න අමතක කරන්න එපා...

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )